පොතුහැර දුම්රිය ස්ථානයේදී පසුගියදා සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඒ අනුව එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් පිරිනමන බව දුම්රිය වාණිජ අධිකාරී පී.ඩබ්.ඒ. සිසිර කුමාර මහතා ප්රකාශ කළේය.
පසුගිය 29 වැනිදා පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදුවූ දුම්රිය අනතුරින් හැන්තෑවකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.