දුම්මල ගසාවත් මින් ඉදිරියට පොළොන්නරුවෙන් තමා එලවිය නොහැකි බව සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කළේය.
පසුගිය මැතිවරණ කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීමේදී පිරිසක් මැරකම් කළ බවත් එසේ මැරකම් කළ මන්ත්‍රීවරුන් පසුව එජාපයෙන් ඉවත්ව සන්ධාන ආණ්ඩුවට ගොස් ඇමතිකම් ලබාගත් බවත් හෙතෙම කීවේය.
එසේ වුවද වර්තාමානයේදී තමන් ඇමතිකමක් ලබාගෙන පොළොන්නරුව ජනතාවට සේවය කිරීමට පැමිණි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත්වීමෙන් පසුව ඔහුව පිළිගැනීම සඳහා අද (15දා) පොළොන්නරුවේ පැවැති උත්සවයක් අමතමින් මෙම අදහස් දැක්වීය.