ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් , මහ මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ජාතික ආණ්ඩුවක් බිහිවූ බව හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් රැස්වූ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම සාමාජිකයන් ජාතික ආණ්ඩුවකට එකඟතාව පළ කිරීම එම පක්ෂය ගත් වැදගත් තීන්දුවක් බවත් රට සංවර්ධනයට ඔවුන්ට විශාල දායකත්වයක් ලබා දිය හැකි රාජිත සේනාරත්න මහතා පැවසීය
කෙසේවෙතත් නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙනු ඇති බවද හෙතෙම පැවසීය