අබිරහස් ලෙස ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස් තිබූ ඇතෙකුගේ මළසිරුරක් හොරොව්පොතාන, දුටුවැව රක්ෂිතයේ තිබී සොයාගත් බව හොරොව්පොතාන වනජීවී නිලධාරීහු පවසති.
මෙම ඇතා මීට දින 25කට පමණ ඉහතදී ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස් ඇති බවත්, එක් දළයක කොටසක් ඉතිරිව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයා ගත් බවත් පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා පැවසීය.
ඝාතනය වූ ඇතා උස අඩි 09ක් හා වයස අවුරුදු 35ක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සිඩ්නි රුවන් උබේපාල