පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ විශ්‍රාමික, ආබාධිත නිලධාරීන්ගේ හා රාජකාරියේදී මියගිය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
මෙම ඒකකයට මහජන පැමිණිලි හා දුක්ගැනවිලිද ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී තිබෙන අතර, මේ සඳහා පැමිණිලි කළ හැකිවන්නේ ෆැක්ස් පණිවිඩකින් පමණි.
මේ අනුව මහජන පැමිණිලි 0112 186 100 යන ෆැක්ස් අංකයටද, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ ගැටලු 0112 186 222 ෆැක්ස් අංකයටද, විශ්‍රාමික, ආබාධිත හා රාජකාරියේ යෙදී සිටියදී මියගිය නිලධාරීන්ගේ පවුල්වල ගැටලු 0112 186 400 යන ෆැක්ස් අංකයට යොමුකළ යුතුය.
ෆැක්ස් අංක සියල්ලම 27 වැනි සඳුදා සිට ක්‍රියාත්මක වන අතර, භාෂා තුනෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා තිබේ.