හෙට (22දා) යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයට අයත් ඇතැම් ද්‍රවිඩ පාසැල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් අද (21දා) පාසැල් නිවාඩු දිනයක් බව පවසා සිසු සිසුවියන්ටද පාසැලට නොපැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
ඒ අනුව අද වතුකරයේ පාසල් බොහෝමයක් කිසිදු අවසරයකින් තොරව වසා දමා එම පාසැල්වලට නිවාඩු ලබාදී තිබෙන බවත් වාර්තා වෙයි.
අද (21දා) මධ්‍යම පළාතේ ද්‍රවිඩ පාසැල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. එසේම නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා එම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. රාජසේකරන් මහතා පැවැසීය.