පවතින අධික වැසි තත්ත්වය නිසා මාතර, ගාල්ල, බදුල්ල, කළුතර, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු නායයෑම සිදුවිය හැකි නිසා කඳු ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව වැසි ඇතිවන දිස්ත්‍රික්කවල පස් කණ්ඩි ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාවත්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, මෙම අනතුරු ඇඟවීම අද (20දා) සවස 6.00 සිට ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් මහතා සඳහන් කළේය.