වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන දිස්ත්‍රික්ක 18 පුරාම වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බවත්, මේ අනුව පළමු අදියරේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02 ක් වී අලෙවි මණ්ඩලයට මුදාහැරි බවත් ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
සෑම ගොවියෙකුගෙන්ම වී කිලෝග්‍රෑම් 2000 බැගින් මිලදී ගන්නා බවත්, මේ නිසා රජයේ සහතික මිල යටතේ සෑම ගොවියෙකුටම වී කිලෝ 2000 ක් විකුණා ගත හැකි බවත් ඔහු පවසා සිටියේය. වී අස්වැන්න නෙළීම අවසන් වනතෙක් වී මිලදී ගැනීමට කටයුතු කර තිබෙන බැවින් අඩු මුදලට පෞද්ගලික වෙළෙඳුන්ට වී ලබානොදී වී අලෙවි මණ්ඩලයට වී ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. සම්බා වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලකටත්, නාඩු වී කිලෝවක් රුපියල් 45 ක සහතික මිලකටත් රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබයි.