දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග රත්නපුර, කලුතර හා නුවරඑළිය දිස්ත්රික්ක වෙත නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.
අද (27දා) පෙ.ව. 4.00 සිට හෙට (28දා) පෙ.ව. 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් අදාළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රත්නපුර - ඇහැළියගොඩ, අයගම, රත්නපුර, කුරුවිට,පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්රදේශ
කලුතර - බුලත්සිංහල හා පාලින්දනුවර ප්රා දේශී ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්රදේශ
නුවරඑළිය - ලබුකැලේ ප්රදේශය
මේ අතර කුකුළේ ගඟ ජලාශයෙද වාන් දොරටුවක් විවෘත කර තිබේ. ඒ අනුව බුලත්සිංහල, අඟලවත්ත, මදුරාවල හා ඉංගිරිය යන ප්ර දේශවන වෙසෙන ජනතාවට විමිසිලිමත් වන ලෙසද ආපදා කළමණාකරන මධ්යස්තානය ඉල්ලා සිටියි.