රත්නපුර,කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, නුවරඑළිය දිස්ත්රික්කවලට ඉදිරි පැය 24 තුළද වැසි ඇතිවිය හැකි නිසා එම දිස්ත්රික්කවල කඳු නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව එම දිස්ත්රික්කවල පස් කඳු කඩාවැටීම, ගල් පෙරළීම් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව යොමු කරන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.