දිස්ත්රික්ක 06ක් තුළ තවදුරටත් නාය යාමේ අවදානමක් පවතින නිසා එම දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්ර‘‘දේශවල ජීවත් වන ජනතාව කඳු නාය යාම, පස් කණ්ඩි කඩාගෙන වැටීම හා ගල් පෙරළීම පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දින 04ක් තිස්සේ දිස්ත්රික්ක 09කට නාය යාමේ අවදානමක් පවතින බවට නිවේදන නිකුත් කර තිබූ අතර, එම දිස්ත්රික්ක 09න් 06ක් තුළ තවදුරටත් නාය යෑම් සිදුවිය හැකි බවද එම සංවිධානය ඉල්ලා සිටී.
මේ අනුව නුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය මාතලේ කළුතර දිස්ත්රික්කවල ජනතාවට තවදුරටත් නාය යෑම් අනතුරු නිවේදනය වලංගු වේ.