නායයෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 09 කට පනවා තිබෙන නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (18දා) සවස 02.00 දක්වා දීර්ඝ කර තිබේ.
මේ අනුව බදුල්ල, මොනරාගල, නුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, කළුතර දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්ර‘දේශවල කඳු නායයාම, ගල් පෙරළීම, පස් කඳු කඩාවැටීම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.