දිස්ත්රික්ක 07 කට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය නිසා පස් කණ්ඩි කඩාවැටීම, කඳු නායයෑම සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
හෙට (22දා) සවස 6.00 දක්වා මෙම අනතුරු ඇඟවීම නිවේදනය වලංගු බවද එම සංවිධානයේ ආචාර්ය එම්.ඒ.ජී. ජයතිස්ස මහතා සඳහන් කළේය.
මේ අනුව මොනරාගල, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, නුවර, කළුතර, රත්නපුර, මාතර යන දිස්ත්රික්කවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.