පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, මාතලේ, හම්බන්තොට, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, නුවර, කළුතර, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්කවල කඳු නයායෑම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අනතුරු ඇඟවීම අද (19දා) සවස 6.00 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කරයි.
පවතින අධික වැසි තත්ත්වයත් සමග කඳු ආශ්රිත ප්‍ර‘දේශවලින් අසාමාන්‍ය ලෙස ජල උල්පත් ඇතිවනවා නම් හෝ අසාමාන්‍ය ලෙස ගස් ඇලවීමකට ලක්වෙනවා නම් ප්‍රදේශයේ ග්රාමනිලධාරීවරයාට හෝ ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයට දන්වන ලෙසද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව පස් කණ්ඩි ආශ්‍රිතව පදිංචිව සිටිනා ජනතාව සහ කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව පවතින වැසි තත්ත්වය හමුවේ පස් කණ්ඩි කඩාවැටීම පිළිබඳව සහ කඳු නායයෑම පිළිබඳව අවදානයෙන් සිටින ලෙසත්, කඳු ආශ්රිත මාර්ගවල ගමන් කිරීමේදී වැසි ඇති වුවහොත්ඔවුන්ද කඳු නායයෑම, ගල් පෙරළීම, පස් කඳු කඩාවැටීම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම සංවිධානයේ අධ්‍යක්ෂක ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේය.
වැසි තත්ත්වයත් සමග කඳු ආශ්‍රිතව අසාමාන්‍ය ලෙස ජල උල්පත් මතුවීම සහ ගස් ඇලවීම සිදුවුවහොත් ඒ පිළිබඳව ග්රාමනිලධාරීවරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැන් වූ පසු තම සංවිධානයේ නිලධාරීන් ඒ පිළිබඳව සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.
අද (19දා) දිනයේදීත් අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්කවලට සවස 12.00 න් පසු වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවත්, වැසි සමග අකුණු ඇති විය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින වටා බොහෝ මුහුදු ප්‍ර‘දේශ වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සුළං නැගෙනහිර දෙසින් හමන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.