දිවියෙකු හා වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඊයේ (16දා) සවස 4.50 ට පමණ නාවලපිටිය බාර්කෝපාල් වතුයායේදී දිවියෙකු පහරදීමෙන් අවුරුදු 32 ක් වන කන්දයිය උත්තරාදේවී නම් කාන්තාවක මියගොස් තිබේ. කෙසේවෙතත් 17 හැවිරිදි තරුණයෙකු පළාගොස් දිවි බේරාගෙන තිබේ.
මේ අතර ඊයේ (16දා) රාත්රී 8.30 ට පමණ පුත්තලම කල්අඩිය ප්රදේශයේ වන අලියෙක් විසින් කළ පහරදීමකදී 36 හැවිරිදි විමල් රංජිත් ප්රදීප් නැමැත්තෙකුද මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.