දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත කරනලද ප්‍රථම ප්‍රජා මූල බැංකුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 8 වැනි දැයට කිරුළ වැඩසටහනට සමගාමීව කුලියාපිටිය, මීගහකොටුවේදී ඊයේ (24දා) විවෘත කරන ලදී.
මේ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ක, ග්‍රාම සේවා වසම් 14,023ක පිහිටි සමෘද්ධි මහ සංගම් 322ක් සහ සමෘද්ධි බැංකු 1074ක් දිවි නැගුම ප්‍රජා මූල බැංකු බවට ඉදිරියේදී පරිවර්තනය වනු ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.