දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (06දා) ගිගුරුම් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ඌව සහ උතුරු පළාත්වලද, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයක පස්වරු 02.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මේ අතර මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කි.මී. 50ක් දක්වා සාමාන්‍ය තද සුළං ඇති විය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
විශේෂයෙන් වැසි ඇති වන ප්‍රදේශවල වැසි සමග අකුණු සහ තද සුළං ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.