දිවයිනේ බස්නාහිර, දකුණු, මධ්‍යම, සහ වයඹ යන ප්‍රදේශවල අද (04දා) තැනින් තැන ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් වවුනියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානයන්හී පස්වරු 02.00 පසු ගිගුරුම් වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වැසි ඇතිවන ප්‍රදේශවල සහ මාතලේ සහ පොළොන්නරුව යන ප්‍රදේශයන්හී විටින් විට හමන සුළඟ පැ.කි.මී. 50ක් දක්වා වූ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.