බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද (16දා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ඌව පළාත, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලද සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ගිගුරුම් වැසි සමග අකුණු සහ තද සුළං ඇති විය හැකි හෙයින්, ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.