බෝ නොවන රෝගයන් හි වර්ධනය වීම වලක්වා ගැනීම සහ පාලනය කිරීම සඳහා නිවැරදි ව්‍යායාම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට ජනතාව හුරුවිය යුතුයැයිද ඒ සදහා දිවයින පුරා සුවතා මන්තීරු ඇතිකරීමට කටයුතු කරනව යැයිද අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
ශරීර සුවතා මංතීරු භාවිතා කරන්නන් ඒකරාශී කරමින් ‘ශරීර සුවතාවය සඳහා ඇවිදිමු’ තේමාව යටතේ සුවතා කව සංගම් පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදීය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පිහිටි ශරීර සුවතා මංතීරු අලංකාර හා විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා එම මංතීරු භාවිත කරන්නන්ගෙන් එකමුතුවෙන් සැදුම්ලත් "සුවතා කව” නමින් සංගම් පිහිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සහ ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් හා ආරක්ෂක අංශයේ දායකත්වය ඇතිව මෙම ශරිර සුවතා මන්තීරු ඉදිකර ඇති අතර එවැනි මංතීරු 12 ක් කොළඹ සහ අවට ප්‍රදේශවල ඉදිකර ඇත. ඉදිරියේදී දිවයින පුර මෙම ශරිර සුවතා මන්තීරු ඉදිකිරිමට සැලසුම් කර ඇත.
එම ක්රියාවළියේ පලමු අදියර ලෙස අද මෙම "සුවතා කව” පිහිටුවීම ආරම්භ කල අතර අනෙකුත් මන්තීරු භාවිතා කරන්නන් හා ඒකරාශි කරගෙන ඉදිරියේදී මෙම සුවතා කව ආරම්භ කෙරේ. මෙම උත්සවය අද (07) පෙරවරුවේ කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වු අතර මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති ලේකම් පී.බී. අබ්කෝන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.