අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට වැසි හා අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 දක්වා වර්ධනය වන සුළං තත්ත්වයක් ඇති විය හැකි බවත් අද (11දා) පස්වරු 3.30ට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙයි.
කාලගුණ විද්‍යා නිවේදනය
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිනෙන සුළං හමුවන කලාපය) බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවති. තවද එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින සහ ඒඅවට සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 දක්වා) ඉහළ යාමට හැකියාව පවතී.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව සුළගේ වේගය විටෙක පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.