දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිතදිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බවත්, මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර, විටෙක සුළං වේගය පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බවත් පෙන්වා දෙයි.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළයාමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තද රළු විය හැකි අතර, දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යයේම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බවද පෙන්වා දෙයි.
එමෙන්ම, දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත්, මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.