ඉන්දියාවේ නවදිල්ලි නුවර බෞද්ධ ස්ථූපයක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණළුත් ඉඩම් කොටසක් ලබාගැනීමට ඉන්දිය රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
නව දිල්ලි නුවර දැනට පවතින බෞද්ධ විහාරය මහාබෝධි සමාගම විසින් පාලනය කෙරෙන අතර, එම විහාරය සීමිත ඉඩ ප්‍රමාණයක පිහිටා ඇත. එසේම ශ්‍රී ලංකාවෙන් හෝ අනෙකුත් බෞද්ධ රටවලින් නව දිල්ලිය කරා පැමිණෙන වන්දනාකරුවන්ට වන්දනාමාන කිරීම සඳහා ස්තූපයක් හෝ පමාණවත් පහසුකම් එම විහාරය සතු නොවේ.
ඊට අමතරව ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් නව දිල්ලි නුවර ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.