13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවීමට දිල්ලිය විසින් කොළඹට බලපෑම්ක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර. සම්බන්ධන් සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ ඉන්දීය සංචාරය හෙට ආරම්භකරන අතර ඒ පිළිබඳව මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද හින්දු පුවත්සේවයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ශ්‍රී ලංකා ජනපතිවරයාට මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හොඳ ඉඩක් පවතින බව පෙන්වා දෙන සම්බන්ධන මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩුව මාරු කිරීම සඳහා උතුරේ ජනතාවද දායකත්වයක් දැක්වූ බවයි.