දිරාපත් නොවන ලන්ච් ෂීට්, ෂොපින් බෑග් නිෂ්පාදනයෙන් නිෂ්පාදකයන් ඉවත් වූ බවත්, රජයේ නිර්ණායකවලට අනුව සකස් කළ ෂොපින් බෑග් වෙළෙඳ පොළට නිකුත් කරමින් සිටින බවත් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රිකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ සහයෝගය, මගපෙන්වීම සහ බදු සහන ලබාදීමට කටයුතු කළහොත් දිරාපත් වන ලන්ච් ෂීට් ජනවාරි පළමු වැනිදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.
දිරාපත් වන ලන්ච් ෂීට් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය, මගපෙන්වීම හෝ බදු සහන කිසිවක් රජය විසින් මෙතෙක් ලබා දී නොමැති බවද ඔහු පවසා සිටියේය.
එසේ තිබියදී නිමි භාණ්ඩ ගෙන්වීම සඳහා රජය බදු සහන ලබාදීමට සැලසුම්කර තිබෙන බවත්, ඒ හරහා දේශීය කර්මාන්ත ශාලා දහසකට අධික ප්‍රමාණයක් වැසීයාමේ අවදානමක් මතුව තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.