කොස්ලන්ද දියලුම දිය ඇල්ලෙන් පහළට පැන පෙම්වතුන් යුවළක් දිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි. අද (19දා) සවස 2.00 ට පමණ ඔවුන් මිතුරෙකුට දුරකථනයෙන් කතාකර මෙසේ දිවි නසාගන්නා බව දැනුම් දිඇති අතර පසුව සෝදිසි කිරිමෙිදි සකුන්තලා නැමති 18 හැවිරිදි පෙමිවතියගේ මෘතදේහය දියලුම ඇල්ල පාමුල තිබි හමුවි ඇතැයිද පොලිසිය කියයි.
යෝගරාජ් නමැති පෙම්වතා සොයා මෙහෙයමුක් දියත් කර ඇතත් පවතින ධාරානිපාත වැසි හා අකුණු කෙටිම් නිසා එම සෝදිසි මෙහෙයුමට බාධා පැමිණ ඇත. මොවුන් හපුතලේ නිකපොත පදිංචිකරුවන් බවත් ඔවුන්ගේ පේ‍්‍රම සමිබන්ධයට නිවෙස්වලින් විරෝධය දක්වා ඇති බවත් අණාවරණය වී තිබේ. කොස්ලන්ද පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.