දියලුම දියඇල්ල ආශ්රිත ප්රදේශයේ සිදුවන පාරිසරික බලපෑම් නිසා එය සිඳීයාමේ අවදානමකට ලක්ව තිබේ.
දිය ඇල්ලට ජලය ලැබෙන ජල මූශ්රලාශ්රවල වගාවන් කිරීම, ගව පට්ටි පවත්වාගෙන යාම මෙන්ම ගලා එන කුඩා දියපහර අවහිර කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව ප්රදේශවාසීහු පෙන්වා දෙති.
මෙරට උසම දියඇලි අතර තෙවන ස්ථානයත් හිමිකරගත් දියලුම ඇල්ලේ උස අඩි 628 කි.
පූනාගල අම්පිටිකන්ද තේවත්තේ දිය මූලාශ්රකින් ආරම්භ වන මෙහි මේ වන විට එම ජල මූලාශ්රයට සමීපව වගා බිම් පවත්වාගෙනයාම හා දියසීරා වලින් ජල නළ යොදා අවිධිමත් ලෙස අනවසර වගා බිම්වලට ජලය ලබාගැනීම නිසා තත්ත්වය උද්ගතව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
කෙසේ නමුත් දියලුම දිය ඇල්ලේ ජල මූලාශ්රයට සිදුවන හානිය එරෙහිව පියවර නොගත හොත් සුන්දර දියඇල්ල සහ සුන්දර පරිසරය අහිමිවනු නියතය.