සිය එකොළොස් මස් වියැති බිළිඳිය එල්ලා මරා දමන අයුරු ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව විකාශය කළ පියෙකු පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි. තාලියන්තයේ පුකේට්හි මෙම සිදුවීම අද (25දා) සිදුව තිබේ. බිළිඳිය එල්ලා මරා දැවීමෙන් පසු ඔහුද සියදිවි හානි කරගෙන තිබේ.
බිරිඳ සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු 21 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ දියණිය ඝාතනය කර තමාගෙද දිවි හානිකරගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතීන් සිද්ධිය පිළිබඳ තායිලන්ත පොලීසිය දැනුවත් කර තිබෙන අතර, පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන් වේ. තායිලන්තයේ අත්හැර දැමූ ගොඩනැගිල්ලක් තුළ මෙම සිදුවීම සිදුව තිබේ.
බී.බී.සී. ඇසුරෙනි