නැගෙනහිර ප්‍රදේශයේදී ලබන 03 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන‘දියකාවා’ යුද අභ්‍යාස සඳහා මෙවර විදේශ හමුදා සමාජිකයන් 53 දෙනෙකු සහභාගීවන බව යුද හමුදා මණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණි.
ඔවුන් බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, පාකිස්තානය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරන බවද ඔහු කීය.
දකුණු පුල්මුඩේ සහ උතුරු ආරුගම්බේ ප්‍රදේශවල පැවැත්වෙන මෙවර දියකාවා යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සෙබළුන් 2500ක්ද, නාවික හමුදාවේ 245 ක් සහ ගුවන් හමුදාවේ 140 දෙනෙකු සහභාගීවන බවද ඩයස් මහතා පවසා සිටියේය.