දිය යට බිම් බෝම්බ ඉවත්කරන්න ඇමෙරිකානු සහාය
ශ්රී ලංකාව තුළ දිය යට බිම් බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහනට අවශ්ය උපකරණ ඇතුළු අනෙකුත් සහාය ලබාදීමට ඇමෙරිකානු නාවික හමුදාව විසින් ත්රිකුණාමලයේදී සති දෙකක පුහුණු අභ්යාසයක් සම්පූර්ණ කර තිබේ.
මෙහිදී, ඇමෙරිකානු නාවික හමුදාව විසින් පිරිනමන ලද ස්කෑන් සෝනාර් යන්ත්ර සහ රොබෝවරුන් යොදාගනිමින්, පසුගිය කාලයේ ගැටුම් නිසා ත්රිකුණාමල වරායේ පුපුරා නොගිය ආයුධ ඇතුළුව දියයට ඇති හඳුනා නොගත් භාණ්ඩ සෙවීම සහ ඒ පිළිබඳ විස්තර ලබාගැනීමේ හැකියාව වැඩිකර ගැනීමට මෙම අභ්යාසය හරහා ශ්රී ලංකා නාවික හමුදාවට හැකිවූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා පවසා සිටියේ,
"ශ්රී ලංකාව පුරා ගොඩබිමේ සහ මුහුදේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කර්තව්යයන්ට සහාය ලබාදීමට ඇමෙරිකාව කැපවී සිටිනවා. මේ යුද නටඹුන් ඉවත්කිරීම මගින් ශ්රී ලාංකිකයන්ට ජීවත්වීමට සහ වැඩකිරීමට අප සහාය වනවා. මේ කර්තව්ය හරහා ත්රිකුණාමල වරායට වාණිජමය කටයුතු වැඩිකර ගැනීමටද හැකි වනු ඇති" යනුවෙනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

