මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්කරන ලෙස ඉල්මින් මන්ත්‍රීවරු 54කගේ අත්සන් සහිත ලේඛණයක් අද (08දා) පෙරවරුවේ කතානායකට බාරදුන් බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවැසීය.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවැසීය. එසේම තවත් මන්ත්‍රීවරු හයක් ඒ සඳහා අත්සන් කිරිමට නියමිත බවද ඔහු සඳහන් කළේය.