ජිනීවා යෝජනාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා ඇති විවාදයේදී එම කණ්ඩායමට අඩු කාලයක් වෙන්කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීම හේතුවෙන් සභාව උණුසුම් විය.
ඒකාබද්ධ විපක්ෂයට විනාඩි 31ක් සහ අනෙකුත් මන්ත්‍රීවරුන්ට විනාඩි 180ක් ලබාදී තිබෙන බවත්, ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව කථානායකවරයාගේ අවධානයට යොමුකළ බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා මුණගැසී අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නා ලෙසත්, එවිට මෙවැනි අර්බුද පැනනොනගින බවත්ය.
මේ අතර අපවත්වී වදාළ දවුල්දෙණ ඥාණිස්සර නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට මන්ත්‍රීවරුන්ට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු අද (06දා) සවස 3.00ට අවසන් කිරිමට නියමිතව තිබුණත් සභාව උණුසුම් හේතුවෙන් හෙට දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
ඒ අනුව අද පාර්ලිමේන්තු කටයුතු විනාඩි 55කට සීමාවිය.