ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කර ගත්තේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයා ඇතුළු එම පක්ෂයේ අනෙකුත් මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කතානායක කරු ජයසූරිය මහතා විරුද්ධ වීමට විරෝධය පළ කරමින් ඔහු දිගින් දිගටම සභාව තුළ කලහකාරී ලෙස හැසිරිම මෙම යෝජනා සම්මතයට හේතුවිය.
දිගින් දිගටම මන්ත්රීවරයා සභාව තුළ බාධා කිරීම හේතුවෙන් ඔහුව සභාවෙන් ඉවත්කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවේ වේත්රධාරියාට නියෝග කළේය. පසුව පොලීසියේ 21 දෙනෙකු සභාගැබට පැමිණ මන්ත්රීවරයා ඉවත්කිරීමට සූදානම් විය.
නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ඒ සඳහා විරෝධය දක්වමින් මන්ත්රීවරයා වටකරගෙන පාර්ලිමේන්තුවේ සිටියේය.
පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එයට පක්ෂව ඡන්ද 85ක් ලැබුණ අතර විපක්ෂය 22ක් ඡන්දය ප්රකාශ කළේය. මන්ත්රීවරු 114ක් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් තිදෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
යෝජනා සම්මතවීමෙන් පසුව දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා සභාවෙන් ඉවත්ව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ද පසුව සභාවෙන් පිටව ගියහ.