රියදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන්පසුගිය 12 දා සිට ඊයේ (16දා) පෙ.ව. 6.00 වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙයින් බහුතරයක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
බීමතින් රිය පැදවීම, ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හා අධික වේගය හේතුවෙන් මෙම අනතුරුවලින් බහුතරයක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.