දින සීයයේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දින හතළිස් හයක් ගත වී ඇතත්, දූෂණ වංචා පිළිබඳව සොයා බලා වැරදි කළ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බැවින් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
දින සියයේ වැඩපිළිවෙළ යටතේ 50කට ආසන්න දින ගණනක් ගෙවී ගියත්, නව ආණ්ඩුව විසින් සිදුකර තිබෙන්නේ චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත්කිරීම පමණක් බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
දූෂණ වංචාකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකළත්, පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයන්ට වාහන සහ ඉන්ධන ලබාදීමටද නව ආණ්ඩුව කටයුතු කළ බවද පවසා සිටියේය.
මේ නිසා දූෂණ වංචාකරුවන්ට එරෙහිව නව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වූ ජනතාවගේ පැතුමන් සුනුවිසුනු වී ගොස් තිබෙන බවද ප්රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
එබැවින් දූෂණ වංචා කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් 26 වැනි බ්‍රහස්පතින්දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.