කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීමට වඩා පොදු අපේක්ෂක වශයෙන් මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන තුළ ඉදිරිපත් කළ කරුණු රට තුළ ඉටුකර ගැනීමට මැදිහත් වීමක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
නිල වශයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව පක්ෂයේ සියලුම දෙනා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු පවසා සිටියේය.
ඇමති මණ්ඩලයට ඇතුළත් වීමට වඩා තම පක්ෂයට යම් කාර්යභාර්යක් පැවරී තිබෙන බවත්, එම කාර්යභාර්යට අනුව දින 100 වැඩසටහන මගින් ඉදිරිපත් කළ කරුණු රට තුළ ක්රියාත්මක කරගැනීම සඳහා මැදිහත්වීමක් සිදුකිරීමට සිදුව තිබෙන බවද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.