දින දෙකක් ඇතුළත කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 402ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වයඹ නාවික විධාන මූලස්ථානය හා පූනරීන් පොලීසිය පවසයි.
ධීවර බෝට්ටු ආධාරයෙන් කිලිනොච්චියට ගෙනවිත් මෝටර් රථවලින් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 260ක් සමඟ පුද්ගලයකු ඊයේ (17දා) කිලිනොච්චිය සංගුපිට්ටි ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් බව පූනරීන් පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට පැමිණි මෝටර් රථය හා එහි රියදුරු පලාගිය අතර, බෝට්ටුවෙන් පැමිණි එක් ජාවාරම්කරුවෙකුද බෝට්ටුවද රැගෙන පලාගිය බවයි.
අත්අඩංගුවටගත් ජාවාරම්කරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයකු වන අතර, ඉන්දියාවේ සිට කේරළ ගංජා මෙරටට රැගෙනවිත් කොළඹ හා විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සිදුකරන බවත්, යාපනය ,මාණික්පායි පිහිටි ඔහුගේ නිවසෙහි තිබී කේරළ ගංජා කිලෝ 12ක ප්‍රමාණයක් හමුවී තිබේ.
මේ අතර පෙරේදා (16දා) මන්නාරම් මුහුදු තීරයේදී වයඹ නාවික විදාන මූලස්ථානයට අනියුක්ත නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කොටි 2 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 142ක් අත්අඩංගුවට ගනු ලැබීය.
මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාල නිලධාරීන්ගේද සහය ඇතිව සිදු කරන ලද මෙම වැටලීමේදී අදාළ කේරල ගංජා තොගය සමග සැකකරුවෙකු හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන මන්නාරම් පොලීසිය වෙතට බාර දීමට පියවර ගෙන තිබේ.