වළ දමා තිබූ දින තුනක් වයසැති බිළිදෙකුගේ මළ සිරුරක් අද (09 දා) පස්වරුවේ ගොඩගත් බව වැලිකන්ද පොලිසීය කියයි.
වැලිකන්ද මල්ලින්ද ගම්මානයේ නිවසක් පිටු පස වල දමා තිබූ මෙම බිලිදු මළ සිරුර ළමා රක්ෂණ අධිකාරිය මගින් වැලිකන්ද පොලිසීයට
කරන ලද පැමිණිල්ලකට අනුව සොයාගෙන තිබේ.
ඉකුත් 06 දා බිළිදා නිවාස තුළ ප්රසුත කර ඇති අතර ඊයේ (08 දා) කිරිපෙවීම්දී කිරි හිරවී ඇති බව බිළිදාගේ මව වන 22 හැවිරිදි තරුණිය පවසා ඇත.
කෙසේ නමුත් කිරි හිරවීමෙන් බිළිදා මිය ගියාද නැතහොත් මරා දමා වළ දැම්මාද යන්න සෙවීම සඳහා වැලිකන්ද පොලිසීය පරීක්ෂණ ආරම්භ කර ඇත.
දරුවා ප්රසුත කල කාන්තාව සහ අයගේ මව වැලිකන්ද පොලිසීය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.