පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වීම හේතුවෙන් ගෙවී ගිය දින 07 කාලය තුළදී වෙඩි තැබීෙම් සිද්ධි 06ක් වාර්තා වන අතර, මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම් සම්බන්‘ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති වීමද විශේෂයකි.
පසුගිය පෙබරවාරි 28 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.මෙසේ වෙඩි තැබීමට ලක්වූයේ අධිකරණ නියෝග මත වීරකැටිය පොලිස් ස්ථානයේ පෙනී සිටීමට ගොස් වෑන් රථයකින් එමින් සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකි.
මාර්තු මස 02 වැනි දින දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසලදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් එහි ගමන්ගත් භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වන දෙමටගොඩ චමින්ද නමැත්තා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පසුගිය 03 වැනිදා වැලිකඩ ඔබේසේකරපුර ප්‍ර‘දේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතන චෝදනා කිහිපයක සැකකරුවෙකු වූ මාතර ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටියදී ජීවිතක්ෂයට පත්විය.
පසුගිය 04 වැනිදා කොච්චිකඩේ ප්‍ර‘දේශයේ මඩම්පැල්ල, වෙලේකඩේ හංදියේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එදිනම බද්දේගම, අම්පේගම දෙල්ගහ හන්දියේදී සිදුකළ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුගිය 05 වැනිදා බොරැල්ල, බේස්ලයින් පාරේ බන්ධනාගාර හංදිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් බන්ධනාගාරගතව සිටින තම සැමියා බැලීමට පැමිණ යමින් සිටි 23 හැවිරිදි කාන්තාවක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඇයට වෙඩි තැබීමට පෙර තුවක්කුකරුවන් විසින් ඇය %සමයං^ගේ බිරිඳ දැයි අසා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
මේ අතර මෙම සිදුවීම් සියල්ලම සිදු කර ඇත්තේ ටී.56 වර්ගයේ ගිණිඅවි හා නවීන පිස්තෝල යොදාගෙන බැව් පොලස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ. මෙම වෙඩිතැබීම් සියල්ලම පාතාල සාමාජිකයන් විසින් සිදුකළ ප්‍රහාර මෙන්ම පාතාල සාමාජිකයින් විසින් ඉටු කළ කොන්ත්‍රාත් ලෙස සැලකිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, මෙම වෙඩිතැබීමේ සිදුවීම් කීපයත් සමගම,
දරුණු ගණයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීම සඳහා බස්නාහිර සහ අනෙක් පළාත්වල පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මේ අනුව බස්නාහිර පළාත තුළ පිහිටි පොලිස් කොට්ටාස 10 තුළම කොට්ඨාස බලාත්මක කිරීමේ කණ්ඩායම පත්කර තිබෙන බවත් මෙම සෑම කණ්ඩායමකටම පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක වන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම කණ්ඩායම විසින් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව බුද්ධි අංශ විසින් ලබාදෙන තොරතුරු මත අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට සැකකරුවන් අධීක්ෂණය කිරීම හා යම් සිද්ධියක් සිදුවූ සැනින් අදාළස්ථානයට ගොස් විමර්ශන කටයුතුවලට සහාය දැක්වීම සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාරපොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සුපරීක්ෂණය හා අදාළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හෝ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව මෙම කණ්ඩායම්වලට සහාය දැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අදාළ කඳවුරුවල සූදානම් කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළට අමතරව බස්නාහිර පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන 103 ආශ්‍රිතව ක්ෂණික මාර්ග බාධයක යොදා ක්ෂණිකවම පුද්ගලයන් පරීක්ෂා කිරීමට හා වාහන පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන අතර, අපරාධයක් සිදුවූ සැනින් මෙම කටයුත්ත ඉතාමත් කඩිනමින් සිදුකිරීමටත් නියමිතව තිබේ.
අනෙකුත් පළාත්වල පොලිස් ස්ථාන මට්ටමින් නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.