මෙම මස 11 වැනි දින සිට 16 වැනි දින දක්වා වූ කාලය තුළ රිය අනතුරු 654ක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අවුරුදු සමය ලෙස සැලකෙන මෙම කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 57ක් මියගොස් තිබෙන බවද අද (25 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කර සිටියේය.
පසුගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 968ක් සිදුව තිබෙන බවත්, එම කාලය තුළ සිදු වූ මාරක රියඅනතුරුවලින් පුද්ගලයන් 86 දෙනෙකු මියගොස් තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමය තුළ රිය අනතුරුවල හා මාරක රිය අනතුරුවල අඩුවක් පෙන්නුම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.