දින 10ක් තුළ විවිධ අනතුරු නිසා පුද්ගලයන් 50 මරුට
ගෙවීගිය දින 10ක කාලය තුළදී සිදු වූ විවිධ අනතුරු නිසා පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් තිබේ.
මෙම පිරිසෙන් 40 දෙනෙකු මියගොස් තිබෙන්නේ සිදු වූ රිය අනතුරු හේතුවෙන් වන අතර, පසුගිය 03 වැනිදා පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.
මීට අමතරව දුම්මලසූරිය ප්‍ර‘දේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව ඇති අතර, පසුගිය 02 වැනිදා දඹුල්ල ගල්පොත්ත ප්‍ර‘දේශයේදී සිදු වූ රිය අනතුරකදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබේ.
හිනිදුම ප්‍රදේශයේ සිදු වූ දියේ ගිලීමක් නිසා පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබෙන අතර, ගෙවීගිය දින 10 තුළදී මෙම පිරිසද ඇතුළුව දියේ ගිලි පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.
මීට අමතරව විදුලිසැර වැදීම නිසා දඹුල්ල ප්‍ර‘දේශයේදී පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තිබෙයි. මාලිගාවත්තේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. කොටගල ප්‍ර‘දේශයේදී සිදු කළ ඝාතන සිද්ධියකදී තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා කාලය තුළ මෙම පිරිස් මරණයට පත් වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


