මම රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ සිංහයෙක් වගේ
මම කැපකිරීම් කළා අඳ හුඟදෙනෙකුට ඒක අමතකි
දිනසියයේ වැඩසටහන සිදුකළ ලොකුම වැරැද්දක්
ලෝක ඉතිහාසයේ මොන පාර්ලිමේන්තුවේද 47කගේ උවමනාවට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්
ශ්‍රීලනිපයේ ඇමතිවරු කැබිනට්ටුවේ සිටි නිසා රටට නොගැළපෙන යෝජනා කීයකින් රාජ්‍ය ආයතන බේරාගත්තද කියලා මමයි දන්නේ
අද ජනාධිපති අපේක්ෂකයන් නම් කරලා ප්‍රකාශයට පත්කරනවා,මේකෙන් වෙන්නේ රට අස්ථාවර වෙන එක
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් පුද්ගලයෙකු සොයාගැනීමට නොහැකිවූ බැවින් තමන් ඒ සඳහා යොදාගත් බවත්,එම අවස්ථාවේදී සිදුකළ කැපකිරීම් වර්තමානයේ ඇතැම් පුද්ගලයන්ට අමතකවී තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(30දා) පැවසීය.
2015 ජනවාරි 08 වැනිදායින් පසුව ක්‍රියාත්මක කළ දින සියයේ වැඩසටහන සකස්කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත්,දිනසියයේ වැඩසටහන සිදුකළ ලොකුම වැරැද්දක් වන අතර,එදින රාත්රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
තමන් අවුරුදු දෙකහමාරක් පරිහරණය කරනු ලැබුවේ, පැරණි ආරක්ෂක රථවාහන බවත්,පසුගිය ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණයට ගෙනැවිත් තිබූ නවීන ආරක්ෂක රථවාහනඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිහරණය කරන බවත් ඒ මහතා පැවසීය.
ඇතැම් පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නම්කිරීම හේතුවෙන් රට අස්ථාවර වන බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
“අද මම මේ ස්ථානයට එන්න කලින් මම එන්නෑ කියලා කිව්වයි කියලා මට ආරංචි වුණා.මේ උත්සවයට මට ආරාධනයක් නැහැ.කිසිම දැනුම්දීමක් නැහැ.මේ රටේ අනිත් දේවල් සිදු වෙන්නෙත් එහෙමයි.මේ පදනම් ආයතනයේ සභාපති පත්කරලා ඉන්නේ මම.පදනම් ආයතනයේ විශේෂ දෙයක් තියෙනවා නම් එතුමා මට ටෙලිෆෝන් කරලා කියනවා.ඊයේ හවස මගෙන් ඇහුවා සෝභිත හාමුදුරුවන්ගේ උත්සවයට එනවාද කියලා.සර්ගේ නමත් ආරාධනා පත්‍රයේ තියෙනවා කිව්වා.ඊට පසුව මම පෞද්ගලික ලේකම්ට කතාකරලා ඇහුවා.කාර්යාලයෙන් ඇහුවා. මාධ්‍ය අධ්යක්ෂගෙන් ඇහුවා.මෙම උත්සවයේ මූලිකත්වයේ ඉන්න රවී ජයවර්ධනට කෝල් කරලා ඇහුවා.ඊට පසුව සොයාබලා මට ඔහු කතාකරලා අත්වැරදීමක් වෙලා තියෙනවා,කවුරුවත් ආරාධනය දීලා නැහැ කිව්වා.
ආණ්ඩුව නැතිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත්ත නිසා බව සමහරු කියනවා.පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 47යි තිබුණේ.ආසන 47ක් තියෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මම දිවුරුම් දෙන දවසේම දිවුරුම් දුන්නා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.එක්සත් ජනතා නිදහස් සන්ධානයට 142ක් තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 127ක් සිටියා.
මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා.මිනිහෙක් නැති නිසයි පොදු අපේක්ෂයාට මාව ගත්තේ.මම රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ සිංහයෙක් වගේ.මම ධනපති පවුලක නෙමෙයි.නමුත් මම ඒ කැපකිරීම කළා.අද හුඟදෙනෙකුට ඒක අමතකයි.
පාර්ලිමේන්තුවේ බලය නැතිව දිනසියයේ වැඩසටහන කරන්නේ කොහොමද?පාර්ලිමේන්තුවේ ආසන 47ක් තියාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනවාරි 08 වැනිදා දින සියයේ වැඩසටහන හදනවා.මේක ඇතුළෙ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තියෙනවා.ලෝක ඉතිහාසයේ මොන පාර්ලිමේන්තුවේද 47කගේ උවමනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්.142ක් විරුද්ධයි.
ඊළඟ සතියේ කිව්වා 47 දෙනා අගමැති කෙරුවොත් අපි විශ්වාසභංගයක් ගේනවා කියලා.දින 100 වැඩසටහනත් එක්ක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමක් නැහැ.මම දන්නෑ මේක හැදුවේ කවුද කියලා.ඒක තමයි කරගත්ත මෝඩම වැඩේ.හදපු අයට මං කියන්නෙඔළුවක් තිබුණා නම් හදන්න තිබුණේ එදා රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා.එදා රෑ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න තිබුණේ.
රවි කරුණානායකගේ පළමු අයවැය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවුණා නම් සම්මත කරගන්න බැහැ.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් සම්මත කරගන්න බැහැ.ඖෂධ පනත සම්මත කළා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්ත නිසා ඒවා සම්මත කරගත්තේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ සිටි නිසා මේ රටට නොගැළපෙන යෝජනා කීයකින් රාජ්‍ය ආයතන බේරාගත්තද කියලා මමයි දන්නේ.රාජ්‍ය බැංකු පෞද්ගලික අංශයට විකුණන්න යෝජනා ආවාම මාස තුනක් ඇදුණා.ඒක සම්මතවුණා නම් අද ලංකා බැංකුව,මහජන බැංකුව,එන්.එස්.බී.,රාජ්‍ය උකස් බැංකු නැහැ.
ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙනැවිත් තිබුණු ආරක්ෂක රථවලින් අලුත්ම වාහන 2015 ජනවාරි 08 වැනිදා යනවිට අවශ්‍ය ප්‍රමාණයට අරන් ගියා.ජනාධිපති සිටින ස්ථානයේ සිට මීටර් 100ක් පමණ ඈතීන් තිබෙන පුපුරන ද්‍රව්‍ය දැනෙන ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ගෙනා අලුත් තාක්ෂණික උපකරණයක් තිබුණා.ඒකත් ඒ කාර් එකක් ඇතුළෙ අරන් යන්න ඇති.අදත් මට ඒක නැහැ.අලුත් වාහනවලින් දෙකක් ඉතුරුකරලා තිබුණා.
මගේ ආරක්ෂක නිලධාරීන් කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට වාහන නැහැ කියලා. අංක පෙන්වලා එම වාහන දෙක ඉල්ලුවා.ඒ වාහන දෙකත් රනිල් වික්‍රමසිංහ මහතාට දුන්නා. මම අවුරුදු දෙකහමාරක් පාවිචිචි කළේ පරණ වාහන.මහින්ද රාජපක්ෂ මහත්තයා යන්නැතිව අයින් කරපු වාහන මම පාවිච්චි කළේ.රවි මුදල් ඇමති විදියට සාක්ෂි දරනවා.මට යන්න වාහන නැති නිසා අවුරුදු දෙකහමාරකට පස්සේ මම කාර් දෙකක් ගෙන්වා ගත්තේ.මුදල් ඇමති විදියට රවි සල්ලි දුන්නා.තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ කවුද?මමද දුන්නේ?මේවට උත්තර දෙන්න ඕන අය දෙන්න ඕන.
මම ගුවන් හමුදාපතිට කතාකරලා ඇහුවා මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට යන්න හෙලිකොප්ටර් දෙන්න නියෝග කළේ කවුද කියලා.ජනාධිපතිතුමා කිව්වා කියලා, අහවලා කිව්වා කියලා ගුවන් හමුදාපතිතුමා මට කිව්වා.මම මෙලෝ දෙයක් දන්නෑ.මගෙන් ඇහුවේ නැහැ.ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නැහැ.
අද ජනාධිපති අපේක්ෂකයන් නම් කරලා ප්‍රකාශයට පත්කරනවා.මේකෙන් වෙන්නේ රට අස්ථාවර වෙන එක.මැතිවරණයට අවුරුදු එකහාමරක් තියෙද්දි රටේ මැතිවරණ උණුසුමක් හදනවා.එවිට රාජ්‍ය නිලධාරීන් වැඩකරන්නෑ.එක එක්කෙනාගේ එක එක දේවල් ඔළුවල.මාධ්‍යයට රටේ නැති දේවල් ඔක්කොම දෙනවා.හවසට බලපුවාම රටක් නැහැ.ඒක තමයි අපේ මාධ්‍යය.
ඉස්සරනම් ඉතිං ටෙලිෆෝන් එක අරන් සරම පැත්තකින් උස්සගෙන නිව්ස් ඩිරෙක්ටර්ට කුණුහරුපයක් කිව්වාම එතැනින් එහාට මුකුත් නැහැ.අද ඉන්නේ මේ නිකන් පොළොන්නරුවේ මිනිහෙක්නේ.පිට උඩ නැගලා පෙරළ පෙරළා ගහන්න පුළුවන්.ඒකාලයේ උපදෙස් දීලා තිබුණා ඇමතිවරුන්ට ගහපල්ලා, හැබැයි අපේ පවුලේ කිසිකෙනෙකුට ගහන්න එපා කියලා.පවුලේ කිසි කෙනෙකුට මාධ්‍ය ගැහුවේ නැහැ. අපට තමයි ගැහුවේ* යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, රවී කරුණානායක, ජයම්පති වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.