නව රජය දුන් මැතිවරණ පොරොන්දුව වූ දින 100 වැඩසටහනේ සඳහන් පොරොන්දු වලින් 90%ක් පමණ සිදුකර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
බඩු මිල අඩුකළ බවත්, එ් සඳහා බඳු නොගැසූ බවත් පාර්ලිමේන්තුවේදී අද (07දා) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
එසේම වරායෙන් මින් පසුව කුඩු කන්ටේනර් පිට නොවෙනු ඇති බවත් ඔහු කීවේය.
රජයේ දින සියය ඉවරවීම සඳහා තවත් ඇත්තේ දින 12ක් බැවින් ඉතිරි පොරොන්දුද ඉටුකරන බව ඔහු සඳහන් කළේය.
අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව විපක්ෂනායකවරයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාධයක් අවශ්‍ය බව සඳහන් කළේය. එයට කැමැත්තෙන්ම ඉඩ දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.