ගෙවී ගිය දින 10 ක කාලය තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 79 දෙනෙකු මිය ගොස් තිබේ.
අප්‍රේල් 10 වැනිදා සිට අද (20දා) සවස 4.00 දක්වා වූ කාලය තුළදී සිදුවූ අනතුරුවලින් මෙම පිරිස් මියගොස් තිබේ. මෙම පිරිසෙන් 10 දෙනෙකු මියගොස් තිබෙන්නේ ඇළකට අත්ට්‍රැක්ටරයක් පෙරළීයාමෙනි. අරලගංවිලදී සිදුවූ එම අනතුරින් තවත් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මීට අමතරව කතරගම දෙටුගමුව වැවට වෑන් රථයක් පෙරළීයාමෙන් එකම ස්ථානයේ පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, අද (20 දා) සවස කුලියාපිටියෙදී ඕහල්පොළ ප්‍රදේශයේ සිදු වූ ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියේය.
මෙම කාලය තුළදී පොලීසිය විසින් සිදුකළ රථවාහන මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 1761 පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.