විදුලිබල මණ්ඩලයේ 2015 – 2034 සඳහා වන දිගුකාලීන විදුලිජනන සැලැස්ම සඳහා ශ්රීලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇත.
2018 වර්ෂයේ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව්වසර තුළ නව බලාගාර 08ක් කඩිනමින් ඉදිකළ යුතු බව එමගින් ශ්රීලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.
ඒ අනුව නව ඩීසල් බලාගාර 02ක්, ගෑස් ටර්බයින් බලාගාරයක්, ප්රධාන ජල විදුලි බලාගාර තුනක් සහ පුනර්ජනනීය බලාගාර කිහිපයක් වසර 2020ට පෙර ඉදිකිරීමට නියමිතය.