ජාතික විදුලි පද්ධතිය දිගින් දිගටම පැය 6ක් 7ක් බිඳ වැටීම නිසා පාරිභෝගික ජිවිත අනතුරට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ, මෙසේ විදුලිය බිඳ වැටීම නිසා වෙළෙඳ සැල් තුළ ඇති අධි ශීතකරණ හා ශීතකරණ ක්‍රියාවිරහිත වීම නිසා ඒවා තුළ දමා ඇති මස් හා මාළු ඇතුළු නිෂ්පාදන, කිරි ආහාර නරක් වීමේ අවදානමක් පවතින බවයි.
එහිදී, මෙම භාණ්ඩ මිලදී ගනු ලබන්නේ පාරිභෝගිකයන් බැවින් පාරිභෝගික ආරක්ෂාව සඳහා වෙළෙඳ සැල් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්කරන ලෙස ඉල්ලා සිටින එම ව්‍යාපාරය, විදුලිය බිඳ වැටීම පිළිබඳ වහා පරීක්ෂණ පවත්වා නැවත එවැනි බිඳ වැටීම් ඇති නොවන ආකාරයට කටයුතු කරන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.