අටවැනි දැයට කිරුළ ජාතික ප්රදර්ශනය නැරඹීම සඳහා මේ වනවිට ලක්ෂ 09කට අධික ජනතාවක් පැමිණ ඇති බව දැයට කිරුළ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අතරින් වැඩිම පිරිසක් කාන්තාවන් බවත්, එම ප්රමාණය ලක්ෂ පහක් පමණ වන බවත් මහලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ප්රදර්ශනය නැරඹීම සඳහා වයස අවුරුදු 18 ට අඩු ළමයින් 150,000 ක් පැමිණ ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
ඉන්දික සෙනෙවිරත්න