දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා ඊයේ (6දා) උදෑසන නිකුත් කරනලද දැඩි සුළං සහ තද වැසි පිළිබඳ අවදානම ඉවත් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කෙසේ වෙතත්, අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදය කාලයේදීද වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.