පවතින වියළි කාලගුණය හේතුවෙන් දැඩි අවුරශ්මියේ වැඩි කාලවේලාවක් ගත නොකරන ලෙසත්, හැකි පමණ කපු ඇඳුම් හඳිනා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංයේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම පාසල් දරුවන් වැඩි වශයෙන් ජලය පානය කිරීමෙන් සහ දිනපතා ස්නානයෙන් වියළි කාලගුණය හේතුවෙන් ඇතිවන බලපෑම මගහරවාගතහැකි බවත් පෙන්වාදෙයි.
එළිමහනේ ක්‍රීඩා කරන අවස්ථාවලදී දැඩි අවුරශ්මියට නිරාවරණ වී නොසිටින ලෙසත්, එමෙන්ම මේදිනවල දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් රේණුකා පීරිස් මහත්මිය අවධාරණය කළාය.
එමෙන්ම පවතින වියළි කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරසයක් මගින් ඇති වන චර්ම රෝගයක් මතුවිය හැකි බව රුහුණු වෛද්‍ය පීඨයේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සූජීව අමරසේන මහතා පැවසීය.
මේ අතර අවුරශ්මියට නිරාවරණව ගමන්කරන්නේනම් සිරුර වැසෙන සැහැල්ලු ඇඳුම් හඳින ලෙසත්, තද ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසත් ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යාණි මහත්මිය ඉල්ලා සිටියායි.
එමෙන්ම මේදිනවල කපු රෙද්දෙන් මැසූ ඇඳුම් හැඳීම සුදුසු බවත්, අවුරශ්මියේ ගමන් කරන්නේනම් අනිවාර්යයෙන් කුඩයක් සහ වතුර බෝතලයක් රැගෙන යාම සුදුසු බවත් ඇය පැවසුවාය.
කෙසේවෙතත් පවතින කාලගුණය පිළිබඳව ජනතාව දැනුවත්වී දැඩි අවුරශ්මියෙන් ආරක්ෂාවීමට කටයුතු කළ යුතු බවද ඇය සඳහන් කළාය.
මේ අතර දහවල් කාලයේ ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය නම් උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහාද අනිවාර්යයෙන්ම පියවර ගත යුතු බව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසීය.
මේඅතර දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් උපරිම උෂ්ණත්වය මේ දිනවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් තුනකින් පමණ ඉහළ ගොස් ඇති නිසා හිරු එළියට විවෘතව අධික ලෙස වෙහෙසවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එසේ වුවත්අප්රේල් මස හතර වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වන බැවින් එම දිනවලදීද පරිසරයේ උණුසුම තරමක් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.