ද්විත්ව විධායක ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සැකසීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ලබන මස මුලදී ඉදිරිපත් කරන බවත් වාර්තා වේ.
එම සංශෝධනවලට අනුව ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍යයේ ප්‍රධානියා බවට පත්වන අතර, ඔහු සතුව ආරක්ෂක බලතල ඇතුළු බලතල රැසක් පවතී. එසේම පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, තානාපතිවරුන් පත්කිරීම ඔහුගේ බලතල යටතට ගැනේ.
සෙසු බලතල රැසක් අග්‍රාමාත්‍යවරයා යටතට පත්කර පාර්ලිමේන්තුවට පවරන අතර, ඒ අනුව එය ද්විත්ව ප්රජාතන්ත්රවාදී විධායක ක්‍රමයක් බවට පත්වේ.
එසේම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වාදුන් ආකාරයට ස්වාධීන කොමිෂන් සභා පත්කරන අතර, එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තුළින් සිදුකෙරේ.
එය කථානායක, අග්‍රාමාත්‍ය, විපක්ෂනායක ඇතුළු මණ්ඩලයකින් යුතු එකක් වේ. ඊට අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා එක්ව පත්කරන නියෝජිතයන් පහක් හා සුළු පක්ෂ පත්කරන නියෝජිතයෙක් ඇතුළත් වෙති.